27 C
Colombo
Monday, May 6, 2024

කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයට සයිටම් ගේන්න හදපු රාජිතත් ඇවිත්

- Advertisement -

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අද (02) පැවති විරෝධතාවයකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද සහභාගීවී තිබෙනවා.

“නිදහස් අධ්‍යාපනය සුරකිනු. කොතලාවල පනත හකුලා ගනු” මැයෙන් ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද සහභාගීවී සිටි අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද සහභාගීවී සිටීම මේ වන විට සමාජ මාධ්‍ය තුළද දැඩිලෙස විවේචනයට ලක්ව තිබෙනවා.

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා “නිදහස් අධ්‍යාපනය සුරකිනු” යනුවෙන් පෝස්ටරයක් අතැතිව සිටීම හේතුවෙන්.

පැවති යහපාලන සමයේදී නිදහස් අධ්‍යාපනය හකුළාදමමින් පෞද්ගලික අධ්‍යාපනයට අවස්ථාව සලසන මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි රාජිත සේනාරත්න මහතා ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කළ පාර්ශව දැඩිලෙස විවේචනය කළා.

එම රජය සමයේ එවක රාජිත සේනාරත්න ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මෙම මැති ඇමතිවරුන් පවසා සිටියේ කුමන බලවේග විරෝධය පලකලද මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරන බවයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...