29 C
Colombo
Saturday, May 4, 2024

ආණ්ඩුව භාරගන්න සූදානම් – අනුර

- Advertisement -

වත්මන් ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යාමට නොහැකි බව ආණ්ඩුවට ඡන්දය දුන් බහුරත ජනතාව පවා පිළිගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ඊයේ (01) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් ජනතාව තමන් මුලාවකට ලක්ව ඇති බව වටහාගනිමින් සිටින බවයි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.

රටේ ජනතාව මුහුණ දී සිටින බරපතල ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට ඉතිරි වී තිබෙන්නේ මුදල් අච්චු ගැසීම, ණය ගැනීම හා ජාතික සම්පත් විදෙස් රටවලට විකුණා දැමීම පමණක් බවත් මෙම විසඳුම් හරහා සිදුවන්නේ ගැටලු විසඳීම නොවන එම ගැටලු තවත් තීව්‍ර වීම බවත් ඔහු පෙන්වා දෙනවා.

රටේ ජනතාවට වෙනත් විකල්පයක් සඳහා යොමුවීමට සිදුව ඇති බවත් ඒ අනුව ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස නොව, බලය ලබා ගැනීමට සූදානම් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට එරෙහිව සටන ඉදිරියේදී ආරම්භ කරන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...