29 C
Colombo
Wednesday, May 8, 2024

රටේ ඔක්සිජන් නෑ – ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්නනවා

- Advertisement -

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් පසුගිය දින කිහිපය තුළ නිරීක්ෂණය කළ බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්.

මේ වන විට මෙරට නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදාගන්නා තත්වයට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් අවශ්‍යවන ඔක්සිජන් ප්‍රමාණය ඉදිරි සති දෙකක කාලය තුළ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු පවසනවා.

“රටේ කොවිඩ් – 19 පිළිබඳව තියෙන තත්වය එතරම් සතුටුදායක නෑ. විශේෂයෙන්ම ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් පහුගිය දින කිහිපය තුළ අපි නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම අද වෙනකොට ලංකාවේ නිපදනව ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදාගන්නා තත්වයට පත්වෙලා තියෙනවා. මේක නිසා අප ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන ඒම සඳහා මේ වෙනකොට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා”

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...