31 C
Colombo
Friday, May 3, 2024

Sysco LABS, Engineering Nexus 7 – ‘Clear the Mist: The Cloud Revealed’ හි සම්බන්ධ වෙයි.

- Advertisement -

Sysco LABS Sri Lanka හි ජ්‍යෙෂ්ඨ මෘදුකාංග නිර්මාණ ශිල්පී ක්‍රිෂාන් සෙනෙවිරත්න ‘Clear the Mist: The Cloud Revealed’ තේමාව යටතේ පැවති Engineering Nexus 7 වන අදියර එළි දැක්වීමේ හමුවේදී විශේෂ කථිකයෙකු ලෙස පෙනී සිටියේය.

Engineering Nexus යනු ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් වන Sysco LABS, WSO2, LSEG Technology සහ Pearson Lanka වැනි වෘත්තීය තාක්ෂණික ජ්‍යෙෂ්ඨයින්ගේ සමූහයකි. එය තාක්‍ෂණික වෘත්තිකයන් අතර දැනුම හුවමාරු කරගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට හා මෘදුකාංග ඉංජිනේරු අදහස්වල නායකත්වය එම ක්ෂේත්‍රය පුරා තවදුරටත් තහවුරු කිරීම අපේක්ෂා කරයි.

Cloud සංස්කෘතියක් (Cloud Culture) නිර්මාණය කිරීම, Cloud තාක්ෂණය භාවිතයෙන් පවතින පද්ධති නවීකරණය කිරීම සහ Cloud හි මෙවලම සහ එහි යටිතල පහසුකම් තුළ සිදු වන දේ පිළිබඳ යෝජනා වැනි අනුමාතෘකා, Cloud Native මෘදුකාංග නිර්මාණය යන තේමාව යටතේ පැවැත්වුණු 7 වන Engineering Nexus සැසියේදී ගවේෂණය කෙරිණි. මෙම සැසියේ ප්‍රධාන කථිකයින් ලෙස WSO2 හි උප සභාපති සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරී – Cloud අෆ්කාම් අසීස්, LSEG Technology හි මෘදුකාංග නිර්මාණ ශිල්පී චමිල ලියනගේ, සහ Pearson Lanka හි තාක්ෂණික විශේෂඥ – යෙදුම් ඉංජිනේරු රුමේෂ් අතුකෝරළ යන මහත්වරුන්ද සහභාගී වූහ.

Cloud Native ගමන්මගෙහි තවත් වැදගත් සාධක ඇති බව ‘The Journey towards Cloud Native’ පිළිබඳව සාකච්ඡා කරමින් ක්‍රිෂාන් සෙනෙවිරත්න සඳහන් කළේය. “Cloud Native යනු Micro-services සහ Kubernetes වලට වඩා යමකි. එමෙන්ම එය තාක්‍ෂණය සහ උපාංග කට්ටලයකට වඩාද වැඩි යමක් වේ.” යැයි ඔහු අවධාරණය කළේය. ‘’Cloud Native සඳහා නිවැරදි යයි කිව හැකි පිළිතුරක් නොමැති නමුත්, මුල සිට පහළට වැඩ කිරීමේ නව ක්‍රමවේදයන්ට අනුගත වෙමින් Cloud Computing සිය උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට යෙදවුම් නිර්මාණයේදී දාර්ශනික පිළිවෙත් හා නව ක්‍රමවලට අනුගත වීම වඩා ඵලදායී වේ.”

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ “ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන්ගේ සහයෝගිත්වය ගැනීමෙන් Cloud Native ගමන ඉහළ සිට පහලට එය පෙලගස්වීමෙන්, එහි සාර්ථකත්වයට ළඟා විය හැකි අතර එසේ නොවනේනම්, එය අසාර්ථක වන බවයි. එය කාලය හා ශ්‍රමය වැය වන ගමනක් වන අතර ප්‍රධානීන් එයට සහයෝගය දිය යුතුයි.” යන්නය. ඔහු අනෙකුත් සංවිධාන සමඟ සිය උපදෙස් බෙදා ගත් අතර මෙසේද පැවසීය, ‘’කෙසේ Cloud හා සම්බන්ධ වුවත්, මානව සම්පත, සංස්කෘතිය සහ සැකසුම් ක්‍රියාවලිය වෙත කරන ආයෝජන, තාක්ෂනය සඳහා කරන ආයෝජනය මෙන් වැදගත් වේ.’’

උත්සවය අවසන් වූයේ ප්‍රශ්න හා පිළිතුරු සැසියකින් වන අතර එහිදී ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ ප්‍රශ්න හා අදහස් විශේෂ කථික මණ්ඩල සාමාජිකයින්ට ඉදිරිපත් කළහ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...