33 C
Colombo
Sunday, May 5, 2024

කොච්චිකඩේ බෝම්බකරුගේ පියා නිදොස්කොට නිදහස්

- Advertisement -

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් අලව්දීන් අහමඩ් මුවාර් නමැති ත්‍රස්තවාදියාගේ පියා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (06) නියෝග කළා.

ඒ අදාළ සැකකරු සම්බන්ධයෙන් ඉදිරියට නෛතික කටයුතු පවත්වාගෙන යාමට අපෙක්ෂා නොකරන බැවින් ඔහු නිදහස් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයට කළ දැනුම්දීමකට අනුවයි.

මෙලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නීතිපති දැනුම්දීම මත නිදහස් කිරීමට නියෝග කරන ලද්දේ 2019 අප්‍රේල් 21 සිදුවු ප්‍රහාර මාලාවෙන් පසු අත්අඩංගුවට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තාවයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසානයේ ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව විමර්ශන ගොනු අධ්‍යනය කළ නීතිපතිවරයා සැකකරු ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට දැනුම් දිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු නිදහස් කිරීමට නියම කළා.

එලෙස නිදහස් කෙරුණු අහමඩ් ලෙබ්බේ අලව්දීන්ගේ පුත්‍රයා වන අලව්දීන් මොහොමඩ් මුවාත්
2019 අප්‍රේල් 21 වන දින පෙරවරු 8.45ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පුපුරුවාගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 56 දෙනෙකුට දිවි අහිමු වූ අතර 148 දෙනෙකු තුවාල ලැබුවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...