32 C
Colombo
Tuesday, May 7, 2024

ඇෆ්ගනිස්තානයේ ගැටුම් හේතුවෙන් අවතැන් වූ සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ මේ වන විට පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් පසුගිය මාස තුනක කාලය තුළ පුද්ගලයන් මිලියනයක් පමණ අවතැන්වී ඇතැයි වාර්තා වේ.

එරට මානව හිමිකම් කොමිසම සදහන් කරන්නේ පවුල් 160,000කට ආසන්න සංඛ්‍යාවකට අයත් පුද්ගලයන් මෙලෙස අවතැන්ව සිටින බවයි.

තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ප්‍රහාර මෙම අවතැන්වීම්වලින් සියයට හැත්තෑවකට පමණ හේතු වී ඇති බව ද එම කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තලේබාන් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රදේශවල සිවිල් වැසියන් සිය ගණනින් රදවා ගැනීම්, මරා දැමීම්, වධහිංසා පැමිණවීම් සහ පහරදීම් වාර්තා වී ඇති අතර රජයට සහය දීම ඔවුන්ට එල්ල කරන ප්‍රධානතම චෝදනාව බව සදහන් වේ.

මෙම කාලසීමාව තුළදී ඇෆ්ගනිස්තානය තුළ සිවිල් පුද්ගලයන් 1659 ක් මියගොස් තවත් 3254ක් තුවාල ලබා ඇතැයිද එරට වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය තියන්න අපි දැනටමත් තීරණය කරලා ඉවරයි – ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහෙත්...

වෙල්ගම අසනිපෙන්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

Breaking: විජේදාසගේ වාරණ නියෝගයට එරෙහි පෙත්සමට අධිකරණය දුන් නියෝගය

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...