32 C
Colombo
Saturday, May 4, 2024

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති වෙන් වෙන්ව හමුවීමට කැබිනට් අනුකමිටුවෙන් තීරණයක්

- Advertisement -

විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන සතිය තුළදී අදාළ වෘත්තීය සමිති වෙන් වෙනව මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය අනුකමිටුව පවසනවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනය කර එම ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව ඊයේ (12) පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී රැස්වී සාකච්ඡා සිදුකර තිබුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධුරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන සාකච්ඡා පැවැත්වෙන බවද අදාළ අනුකමිටුව නිවේදනය කරනවා.

එම අනුකමිටුව පෙන්වා දෙන්නේ මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තොරතුරු ලබාගත් බවයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම කැබිනට් අනුකමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර තිබෙනවා.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නායකයින් එක්ව ඊයේ (12) කොළඔ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ගුරු වෘත්තිය සමිති පවසන්නේ මෙම සත්‍යග්‍රහය ඇතුළු ගුරු – විදුහල්පති සටනට වෘත්තීය සමිති 50 ක සහය ලැබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...