32 C
Colombo
Monday, May 6, 2024

මෙගාවොට් 270ක විදුලි හිඟයක් ඉදිරියේදී

- Advertisement -

ඇඹිලිපිටිය, මාතර හා සපුගස්කන්ද පෞද්ගලික බලාගාරවලින් විදුලි බලය ලබාගැනීම ලබන වසරේ අප්‍රේල් මස සිට අත්හිටුවීමට තීරණය කිරීම නිසා මෙගාවොට් 270ක විදුලිය හිඟයක් ඇතිවනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය කියා ඇත.

ඒ අනුව මෙගාවොට් 100 ඇඹිලිපිටිය ඒස් පවර් විදුලි බලාගාරය, මෙගාවොට් 20 මාතර ඒස් පවර් විදුලි බලාගාරය, මෙගාවොට් 50 සපුගස්කන්ද ඒසියා පවර් විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීම නතර කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීන්දු කර ඇත.

මෙම විදුලි බලාගාර තුන සමග සාකච්ඡා කර 2023 දක්වා විදුලිය ලබාගැනීමට හැකියාව ඇති බවද විදුලිබල අමාත්‍ය ඩලස් අලහපෙරුම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටද නියමිතය.

තවද, වසර දහයක කාලයක් සඳහා මෙගාවොට් 200ක මධ්‍යකාලීන දැවිතෙල් විදුලි බලාගාරයක් ඉදිකිරීම, මෙගාවොට් 24ක ඔටෝ ඩීසල් බලාගාරයක් ඉදිකිරීම සඳහාද විදුලිබල අමාත්‍යාංශය යෝජනා ඉදිරිපත් කර ඇත.

(මූලාශ්‍රය අරුණ පුවත්පත)

RECENT ARTICLES - SINHALA

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

කොළ පාට අර්තාපල් කන්න එපා.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලිමක්

උග්‍ර විෂ සහිත බැවින් කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුහු පෙන්වා දෙන්නේ කොළ පැහැති අර්තාපල් අල...

වතු ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැසක් අහිමි වෙලා

රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් රැසක් වතුකරයේ ඇතැම් ජනතාවට නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...