30 C
Colombo
Friday, May 3, 2024

පාස්කු විමර්ශන ගැන අහල විහිළුවක් වෙන්න එපා – සරත් වීරසේකර

- Advertisement -

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය ගැන විපක්ෂය විසින් විමසීම විහිළුවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

ඒ, මාවනැල්ල ප්‍රහාරය සම්බන්ධයෙන් ඔත්තුව දුන් මොහොමඩ් තස්ලීම් වෙත රු. ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් ලබාදීමේ අවස්ථාවෙන් ආතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

පාස්කු ප්‍රහාරයට පෙර සිද්ධි 10ක් සිදුව තිබෙන අතර එම කිසිම සිද්ධියක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමර්ග නොගත්, එමෙන්ම, එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් සහරාන්ව අත්අඩංගුවට ගන්නා ලෙස රජයට කියා තිබියදීත් ඒ කිසිවක් නොකොට දැන් පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය ගැන විපක්ෂය විමසමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම, පාස්කු විමර්ශන සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද සැක පළකර ඇති නමුත් දැනටමත් පුද්ගලයන් 32කට එරෙහිව නඩු 09ක් ගොණු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තවද, මීට අමතරව තවත් 25 දෙනෙකුට නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කර තිබෙන බවත් මේ වන විට සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් 724ක් අත්අඩංගුවේ පසුවන බවත් අමාත්‍යවරයා සිහිපත් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...