25 C
Colombo
Sunday, May 19, 2024

අයවැයේ යෝජනා දෙකකට කම්පැණි ලොක්කෝ අකමැතියි

- Advertisement -

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගන්නා වයස 60 දක්වා ඉහළ දැමීම සහ තෝරාගත් ක්ෂේත්‍රවල සමාගම්වලට කොවිඞ්-19 රක්ෂණයක් සඳහා සීයට 0.25ක බද්දක් පැනවීම නිසා කම්කරු ක්ෂේත්‍රයට විශාල බලපෑමක් විය හැකි බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් කිහිපයක ප්‍රධානීන් කියා ඇත.


ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මැදිහත්වීමෙන් පවත්වා ඇති සංවාදයකදී මේ අදහස් ඉදිරිපත් කර ඇත

එම සංවාදයේදී අදහස් දැක් වූ ඇක්සස් ඉංජිනියරින් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුමල් පෙරේරා, හේමාස් පෞද්ගලික සමාගම් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි විල්සන් සහ 99එක්ස් තාක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම් අදහස් දක්වමින් කියා ඇත්තේ මෙම විශ්‍රාම වයස් සීමාව අනවශ්‍ය තීන්දුවක් බව කියා ඇත.


මෙලෙස විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් සමාගම්වලට තමන්ට සුදුසු ආකාරයට සේවක මණ්ඩලය කළමණාකරණය කරගැනීම අසීරු වන බව ඔවුන් පෙන්වා ඇත.
එහිදීම හේලීස් සමාගමේ සම සභාපති ධම්මික පෙරේරා, ජෝන් කීල්ස් සමාගමේ සභාපති කිෂාන් බාලේන්ද්‍ර, එක්ස්පෝලංකා හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක හනීෆ් යූසුෆ්, ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමල් තෙවරතන්ත්‍රී, ඇතුළු පිරිසක් අදහස් දක්වමින් කියා තිබුණේ කොවිඞ්-19 රක්ෂණයක් සඳහා නව බද්දක් හඳුන්වාදීම නුසුදුසු වනු ඇති බවයි.


මේ වන විට සමාගම් හැකි තරම් සේවකයන් පිරිසක් සේවයට කැඳවාගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, මෙවැනි බද්දක් පැනවීමෙන් සේවකයන් පිරිස අඩු කිරීමට සමාගම් උත්සාහ කරනු ඇති බවය.


එහිදී ජෝන් කීල්ස් සමාගමේ කිෂාන් බාලේන්ද්‍ර මෙසේ කියා ඇත.


‘අපව උදාහරණයට ගන්න. අපේ සංචාරක ව්‍යාපාර ඉතා අසාර්ථකයි. ඒ නිසා සේවක මණ්ඩල අඩු කරන්න වෙනවා. ඒත් අපි අනෙක් පැත්තෙන් සුපර්මාකට් වගේ ක්ෂේත්‍රවල වැඩිපුර සේවකයන් බඳවාගන්නවා. ඒ අනුව මේ යෝජනාව විවිධ අවස්ථාවල විවිධාකාර ලෙස ක්‍රියාත්මක විය හැකියි.’
ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ ඇතැම් සමාගම්වලට සේවකයන් නැවත බඳවාගන්නා අතරේම, බද්දත් ගෙවන්නට සිදු වීම අසීරු වනු ඇති බවය.

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...