30 C
Colombo
Saturday, May 4, 2024

රෝගීන් වැඩි උනාට පුදුම වෙන්න එපා – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

- Advertisement -

රෝගීන් වැඩිවීම සම්බන්ධයෙන් පුදුම නොවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද (20) පෙරවරුවේදී කරුණු පැහැදිලි කරමින්.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ හේමන්ත හේරත් මහතා,

“මේ තත්ත්වය තවත් ඉදිරියටත් අපට මං හිතනවා පවතින තත්ත්වය යටතේ තවත් රෝගීන් වැඩිවීමක් සිදු වුණොත් ඒක පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි දැනට මරණයට පත්වන්නේ සති දෙක තුනකට කළින් රෝහල් ගත වුණ පුද්ගලයින් තමා බොහෝ වේලාවට මේ කාලය තුළ මරණයට පත්වෙන්නේ යම් ආකාරයකට රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවීමක් වුණත් මරණට පත්වෙන සංඛ්‍යාවේ මේ ආකාරයෙන් පවතිනට ඉඩ තියනවා. ඕනෑම අවස්ථාවකට මුහුණදීම සෞඛ්‍ය ක්ෂේත්‍රය සුදානම්. මේ සුදානම් වීමේ වේගය සහ රෝගීන් වැඩිවීමේ වේගය අතර තියන සමතුලිතතාවට මත තමයි සියල්ල තීරණය වෙන්නේ. මේ රෝගීන් වැඩිවීමේ වේගෙය අපේ ධාරිතාවය වැඩිවීමේ වේගයක් අතර තියන පරතරය අඩු වුණොත් අපි හිතනවා ඒක අභියෝගාත්මක තත්ත්වයක් ඒකට මුහුණපාන්න අපට සිද්ධ වෙනවා”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...