28 C
Colombo
Saturday, May 4, 2024

සමහරු කළුකොඩි දැම්මට පාස්කු විමර්ශන හදිස්සි කරන්න බෑ

- Advertisement -

පාස්කු විමර්ශන සම්බන්ධව ඇතැමුන්ට හදිස්සියක් ඇතත් එය හොඳ හදිස්සියක් නොවන බවට ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළ කරමින් කතෝලික සභාව විසින් දීප ව්‍යාප්තව පැවැත්වූ කළුකොඩි විරෝධතාව පිළිබඳ ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (21) දින අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කළුකොඩි දමා විරෝධතා පැවැත්වුත් නැතත් ජනාධිපතිවරයා විසින් ප්‍රස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට ඉතාම තදින් නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, රජයක් හැටියට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශවලට, බුද්ධි අංශවලට සහ අපරාධ අංශයේ පොලිස් නිලධාරීන්ට නිවැරදිවම වැරදිකාරයින් සොයාගන්නා ලෙසට උපදෙස් දී ඇති බවත් දැනට දෙතුන් සීයක පමණ පිරිසක් රිමාන්ඩ් ගත කර ඇති බවත් හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් පවා රිමාන්ඩ් ගත කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීමට විරෝධය පළකරමින් පෙරේදා (21) දින සෑම නිවසකම කළුකොඩි ඔසවන ලෙස අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් ද යොමුකර තිබුණා.

ඒ අනුව, ප්‍රහාරයට වගකිවයුතු අය නිසි ලෙස මෙතෙක් හෙළිදරව් කිරීමට රජය අපොහොසත්වීම හේතුවෙන් කතෝලික සභාව විසින් මෙසේ දිවයින පුරා කළුකොඩි එසවීමට තීරණය කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...