29 C
Colombo
Saturday, May 4, 2024

රජය සතු වාහන ගැන කැබිනට් මණ්ඩලයේ අළුත්ම තීරණය

- Advertisement -

රජයේ ආයත සතු ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින වාහන 5,533 ක් අතරින් අලුත්වැඩියා කළ හැකි වාහන කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත්, අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

මේ වන විට අමාත්‍යංශ, රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 82,194 ක් පවතියි.

ඒ අතුරින් වාහන 76,661 ක් ධාවන තත්ත්වයේ පවතින අතර වාහන 5,533 ක් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බව එම වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ම රාජ්‍ය ආයතනවල ජේෂ්ඨ නිලධාරින් 8,500 ක ට පමණ මාසික දීමනාවක් ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් පිණිස යොදා ගැනීමටත් රජයේ අනුමැතියය ලබා දී ඇති බව මෙම වාර්තාවේ සඳහන්.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගෙන දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අලුත්වැඩියා කළ හැකි වාහන වහාම අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් එලෙස අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් නොපමාව අපහරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...