32 C
Colombo
Sunday, May 5, 2024

වැටුප් කපන්න කියලා අපි කිව්වෙ නෑ – ඩලස්

- Advertisement -

රාජ්‍ය අංශය තුළ සේවය කරන කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදුවක් කිරීමට තීරණය කර නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ, අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.

එවැන්නක් සඳහා කිසියම් අරමුදලක් පිහිටුවීමේ හෝ කිසිදු උත්සාහයක් හෝ නොමැති බවයි කැබිනට් ප්‍රකාශකවරයා පවසන්නේ.

කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජයනය කරනු ලබන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් තම අගෝස්තු මාසයේ වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කෙරුණා.

කැබිනට් මණ්ඩලය ගත් තීරණය රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ පවා වැටුප් කප්පාදු කිරීමක් වෙත යොමු කිරීමේ උත්සාහයක් බවට පළවන වාර්තා වල සත්‍යතාවක් නොමැති බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...