26 C
Colombo
Tuesday, May 7, 2024

කාබුල් ගුවන්තොටුපල ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

IS සංවිධානය කාබුල් ගුවන් තොටුපොළ ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අනතුරු අඟවා තිබෙනවා.

අයි.එස්. සංවිධානය කාබුල් අගනුවර ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ද එබැවින් හැකිතාක් ගුවන් තොටුපොළින් ඈත්වන්නැයි ද ඇමෙරිකාව සහ අනෙකුත් බටහිර රටවල් සිය පුරවැසියන්ට මෙන්ම ඇෆ්ගන් වැසියන්ට ද අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකානු ඇතුළු බටහිර  රටවල වැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ඇෆ්ගන් වැසියන් මුදාගැනීම සඳහා තලේබාන් සංවිධානය අගෝස්තු 31 වැනිදා දක්වා එම රටවලට කල් දී තිබෙනවා.

මේ නිසා බටහිර හමුදා මුදාගැනීමේ මෙහෙයුම් වේගවත් කර තිබුනද අවසාන දිනය ඉක්මවා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටියහොත් නරක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇති බව වාර්තා වනවා.

මේ නිසා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...