28 C
Colombo
Saturday, May 4, 2024

සීනි මිල ඉහ​ළ ගියාට මට මුකුත් කරන්න බෑ – ඇමති ලසන්ත

- Advertisement -

සීනි කිලෝවක මිල රුපියල් 210ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙදපොළ ආරංචිමාර්ග සඳහන් කරනවා.

පසුගිය සතියේ රුපියල් 160ක මිලකට සීනි කිලෝව මිලදී ගත හැකිව තිබුණ ද මේ වනවිට වෙළෙන්දන් විසින් රුපියල් 210 දක්ව මිල ඉහළ දමා තිබීමෙන් පාරිභෝගිකයෝ මහත් අසීරුවට පත්ව තිබෙනවා

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර ඇත්තේ මෙය සම්බන්ධයෙන් තමන්ට කළ හැකි කිසිවක් නොමැති බවයි.

මෙම මිල වැඩි කිරීම කූඨ වෙළෙඳුන් විසින් සිදුකරන බවට හඳුනාගෙන නමුත් ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙසේ සීනි මිල ඉහළ දමා ඇත්තේ, ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් ලෙස නොවෙනස්ව පවතින පසුබිමකයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...