33 C
Colombo
Sunday, May 5, 2024

ෆයිසර් එන්නතට සාපේක්ෂව සයිනොෆාම් එන්නත වැඩිහිටියන් කෙරෙහි එලදායිතාවය අඩුයි – මහාචාර්ය නීලිකා මලවිගේ

- Advertisement -

ෆයිසර් එන්නතට සාපේක්ෂව සයිනොෆාම් එන්නත වැඩිහිටියන් කෙරෙහි අඩු එලදායිතාවයක් දක්වන බව බහරේන පර්‍යේෂකයන් පිරිසකගේ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

ඒ සිය ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින්.

කෙසේ නමුත්, එන්නත ලබා නොගත් වැඩිහිටියන් (වයස අවුරුදු 50ට වැඩි) කොවිඩ් නිසා මරණයට පත්වීම සයිනොෆාම් එන්නත ලබාගත් වැඩිහිටියන්ට සාපේක්ෂව 3.8 ගුණයකින් ඉහළ බවයි ඇය පෙන්වා දෙන්නේ.

තවද වයස අවුරුදු 50ට අඩු එන්නත ලබා නොගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය, සයිනොෆාම් එන්නත ලබාගත්
අයට සාපේක්ෂව 8.1 ගුණයකින් ඉහළ බවත් මහචාර්‍යවරිය පෙන්වා දෙනවා.

එමෙන්ම, සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය 0.46%ක් (මරණ 112ක්) බවත්, ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා ලබා ගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය 0.15%ක් බවත් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ලබා ගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය 0.03%ක් බවත් මහාචාර්යවරිය පවසනවා.

කෙසේ වෙතත්, එන්නත්කරණය සම්බන්ධයෙන් සමස්ථයක් ලෙස අදහස් දක්වමින් ඇය පවසන්නේ සෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව නිරීක්ෂණය වන බැවින් ලැබෙන පළමු එන්නත හොඳම එන්නත බව වටහාගෙන එය ලබා ගන්නා ලෙසයි. බහරේන පර්‍යේෂකයන්ගේ නිගමනය වන්නේද එය බව ඇය පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...