28 C
Colombo
Monday, May 6, 2024

කාබුල් ප්‍රහාරයෙන් 72 ක් මරුට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර දෙකෙන් සහ වෙඩි ප්‍රහාරයෙන් මියගිය සිවිල් වැසියන්ගේ ගණන 72 ඉක්මවා ගොස් ඇති අතර ඇමෙරිකානු ජාතිකයන්ගේ ගණන 13ක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර කුඩා දරුවෝ සහ කාන්තාවෝ ද වෙති.

ගුවන් තොටුපොළට හෝ ඒ ආසන්නයට නොයන ලෙස බටහිර බුද්ධ අංශ සිය වැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට අනතුරු අඟවා පැය කිහිපයක් යද්දි මෙම ප්‍රහාර එල්ල විය.

ඉදිරියේ දී තවත් ප්‍රහාර එල්ල වනු ඇතැයි ද බටහිර බුද්ධ අංශ මේ වනවිට අනතුරු අඟවා ඇත.

අයි.එස්. සංවිධානය කාබුල් අගනුවරට ඊයේ එල්ල වූ ප්‍රහාරවල වගකීම බාරගත් අතර අමාක් පුවත් සේවය ද එය වාර්තා කර තිබිණි. අයි.එස්. සංවිධානය සිය ටෙලිග්‍රෑම් චැනලය ඔස්සේ එය ප්‍රකාශයට පත් කර තිබිණි.

ඊට අනුව අබ්දුල් රහ්මාන් අල්-ලොගාරි නමැති අයකු එම ප්‍රහාරය එල්ල කර තිබිණි. අදාළ නමට අනුව ඔහු ඇෆ්ගන් ජාතිකයකු විය.

අයි.එස්. සංවිධානයේ ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි. එම කණ්ඩායම අයි.එස්. කේ යනුවෙන් හැඳින් වේ.

එනම් ඉස්ලාමික් ස්ටේට් – කොරාසාන් පළාත යනුවෙන් හැඳින්වේ. කොරාසාන් පළාත හෝ ප්‍රදේශය ඉපැරැණි ප්‍රදේශයක් වන අතර ඊට වත්මන් ඉරානයේ, ඇෆ්ගනිස්තානයේ සහ මධ්‍යම ආසියාවේ කොටස්/ප්‍රදේශ ඇතුළත් වේ.

ඇමෙරිකානු හමුදා සහ ඔවුන්ගේ ඇෆ්ගන් මිතුරන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව එම සංවිධානය ප්‍රකාශ කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...