32 C
Colombo
Saturday, May 4, 2024

අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍ර අවශ්‍ය නෑ

- Advertisement -

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා දීර්ඝ කිරීමට අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කරනු ලැබුවා..

මෙම කාලය තුල අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය නොවන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

දැනට පවත්වාගෙන යන ක්‍රමයට ම පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා මාර්ග බාධකවලදී අනන්‍යතාව තහවුරු කිරීමෙන් අත්‍යාවශ්‍ය සේවා රැකියා සඳහා පිටත්ව යා හැකි බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත්, ත්‍යවශ්‍ය සේවා සඳහා හැරුණු කොට අනෙකුත් කිසිදු පුද්ගලයෙකු නිවෙස්වලින් බැහැරව නොයන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා. එමෙන්ම, අවම සේවක සංඛ්‍යාවක් යොදවා ගනිමින් සිය සේවා පවත්වාගෙන යන ලෙසයි යුද හමුදාපතිවරයා රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...