30 C
Colombo
Wednesday, May 1, 2024

එන්නත දීලත් මේක තියෙනවා නම්, යතාර්ථවාදී විදිහට මුහුණ දෙන්න වෙයි

- Advertisement -

එන්නත්කරණයෙන් පසුත් කොවිඩ් තත්ත්වය මෙ‍ලෙසින්ම පැවතිය හොත් වෛද්‍ය විද්‍යානුකූලව ඊට මුහුණදෙන්නේ කෙසේද යන්න පිළිබඳව යතාර්ථවාදීව සොයා බැලිය යුතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ. ඊයේ (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි.

මේ වන විට පළමු මාත්‍රාව 100%ම ලබා දී ඇති බවත්, දෙවන මාත්‍රාව ද 56%ක පිරිසකට ලබා දී ඇති බවත් මේ මස අවසානයේදී එය 85%ක පමණ අගයක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පවසනවා.

ඉන් පසුවත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් වෛද්‍ය කමිටු හරහා ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීමට සිදුවනු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම, එන්නත්කණයේදී ඊළඟට ප්‍රමුඛත්වය දිය යුත්තේ වයස අවුරුදු 30 න් පහළ පිරිසට පළමු හා දෙවන එන්නත් මාත්‍රා ලබා දීම සඳහා ද එසේ නැතිනම් අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින්ට ‘බූස්ටර්’ එන්නත ලබා දීම සඳහා ද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම සාකච්ඡාවේදී එළැඹි අනෙකුත් වැදගත් තීරණ පහතින්

  • එන්නත ලබාගැනීම සඳහා ජනතාව උනන්දුකරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු යුතුයි.
  • එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකිවූ අයට දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව දිය යුතුයි.
  • වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආසාදිතයන් වුවහොත් හැකි ඉක්මණින් රෝහල්ගත කළ යුතුයි.
  • කොවිඩ් ආසාදිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගියහොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත කළ යුතුයි
  • ඇඳිරිනීති කාලසීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ
May be an image of one or more people, people standing, people sitting and indoor
May be an image of 1 person, sitting, standing and indoor
May be an image of 1 person, sitting, standing and indoor
May be an image of 1 person, sitting and indoor
May be an image of 1 person and standing
May be an image of 2 people, people standing, people sitting and indoor
May be an image of 1 person, sitting and indoor

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...