32 C
Colombo
Tuesday, May 7, 2024

ආණ්ඩුවෙන් කොරෝනා! උද්ඝෝෂකයන්ගේ ජීවිත අනතුරේ

- Advertisement -

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණතට එරෙහි කෙරුණු මහජන සටනේ මුල් පෙළ නියෝජනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් යන අයට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

පොදු දේපළවලට හානි කළැයි චෝදනා කරමින් මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ මේ මස (අගෝස්තු) මුල් සතියේ දී ය. අත්අඩංගුවට ගැනීමෙන් පසුව නිරෝධායන ක්‍රියාවලියකට ද ලක් වූ මේ පිරිසට ඒ අනුව කොරෝනා ආසාදනය වී තිබෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයේ දී බව පැහැදිලි ය.

උද්ඝෝෂණ හරහා කොවිඩ් බෝවෙන බවට චෝදනා කළ ආණ්ඩුව උද්ඝෝෂකයන් බන්ධනාගාරගත කර සංවිධානාත්මකව කොරෝනා බෝ කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ මාධ්‍ය හමුවේ චෝදනා ක‍ළේය.

බදුල්ල තල්දෙන ප්‍රදේශයේ රඳවාගෙන සිටි චමීර ඇතුළු පිරිස මේ වන විට යාපනයේ ඉයක්කච්චි නම් ප්‍රදේශයේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් මේ රෝගීන් සමඟ කිසිදු බාහිර පාර්ශ්වයකට ගනුදෙනු කළ නොහැකි අතර මේ අයගේ ජීවිත සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව භාර ගත යුතු බව සමාජ මාධ්‍ය හරහා හඬක් නැගෙමින් තිබේ.

කොවිඩ් වසංගත සන්දර්භය යනු, සාමාන්‍ය කාලවානුවකදී මෙන් නොව, බොහෝ සීමාකම් සහිත කාලයකි. හැරත් යමෙකු බන්ධනාගාරගතව සිටින්නේ නම් ඔහුට එයටත් වඩා සීමාකම් පැනවේ. කොවිඩ් ආසාදිතයෙක් යැ යි කී පසු, බොහෝ දෙනෙකු ආසන්නයට පවා නොපැමිණේ.

මළ පසු ආදාහනය දක්වා කිසිවෙකුට යමක් සොයා බැලීමට නොහැකිය. ආදාහනාගාරගත කොට අළු සුළඟට මුසු වී යෑම දක්වා බලය ඇත්තේ ආණ්ඩුවට ය.

බන්ධනාගාරගත කෙරුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් වන වගකීම අරභයා ශ්‍රී ලංකා රාජ්‍යය පූර්වයෙහි පෙන්වා තිබෙන්නේ අතිශය නරක පූර්වාදර්ශයන් බැවින් තම විරුද්ධවාදීන්ගේ ජීවිත සම්බන්ධයෙන් මෙලෙස බරපතළ ලෙස මැදිහත්වීමට ආණ්ඩුවට ලැබී තිබෙන අවස්ථාව ගැන ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, නීතියේ ආධිපත්‍යය ඉහළින් අගයන මිනිසුන් වඩා බලපෑම්සහගත ලෙස මැදිහත් විය යුතු බව අපගේ හැඟීමයි.

– සඳුන් ප්‍රියංකර විතානගේ –

RECENT ARTICLES - SINHALA

ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. කොල්ලුපිටිය පාසල් මාවත...

ජනාධිපතිවරණය තියන්න අපි දැනටමත් තීරණය කරලා ඉවරයි – ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහෙත්...

වෙල්ගම අසනිපෙන්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...