32 C
Colombo
Sunday, May 5, 2024

Sysco LABS ගෝලීය ප්‍රවීණයන් Enterprise Mobile Development පිළිබඳව අවබෝධය සපයයි

- Advertisement -

ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka – ‘Enterprise Mobile Development – Patterns, Perils and Platforms’ යන නමින් දේශීය හා ජාත්‍යන්තර Enterprise Mobile ප්‍රවීණයන්ගෙන් සමන්විත සාකච්ඡාවක් මෑතකදී ඉදිරිපත් කළේය. Patterns, Perils and Platforms Mobile තාක්‍ෂණ ලෝලීන් සමඟ පුළුල්වූ දැනුමක් එහිදී බෙදා ගැනිණි.

නිර්මාණ ශිල්පය, පරීක්‍ෂණය, සංවර්ධනය සහ ව්‍යවසාය ආයතන විසින් භාවිතා කිරීම සඳහා විවිධත්වයෙන් යුත් විධිමත් ජංගම යෙදුමක් (Mobile App) තැනීම වැනි සවිස්තරාත්මක කරුණු අවධානයට ගැනීම සඳහා ඉඩ සැකසුන වේදිකාවක් වූ මෙම සාකච්ඡාව Sysco LABS හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ප්‍රධානී අශාන් ධනපාල විසින් මෙහෙයවනු ලැබිණි.

Enterprise Mobile Apps සඳහා ඉහළ යන ඉල්ලුමත් සමඟ, එවැනි යෙදුම් සැකසීමේදී විවිධත්වයෙන් යුත් විනයානුකූල ප්‍රවේශයක් අවශ්‍ය වේ. Enterprise Mobile App සැකසීමේදී සාමාන්‍ය රාමුවෙන් පිටත ගැටලු සඳහා සහාය දැක්වීමට Sysco LABS Austin හි අධ්‍යක්‍ෂ – Mobile Engineering රොබර්ට් ස්පින්වෙබර් සහ මෘදුකාංග ඉංජිනේරු චාල්ස් ‘චක්’ ඉම්පෙරටෝ සිය අත්දැකීම් හා විසඳුම් හුවමාරු කරගත්හ. මෙම ගෞරවනීය ප්‍රවීණයන් දෙදෙනා විවිධ ක්ෂේත්‍රයන් හි සැලකිය යුතු වගකීම් දැරුවන් වූ අත‍ර දශකයකට අධික කාලයක් ගෝලීය ව්‍යවසාය සමාගම් සඳහා ජංගම යෙදුම් (Mobile App) සැකසීමේ පළපුරුද්දක් ඇති අය වෙති.

Mobile Development සම්බන්ධයෙන් මහා පරිමාණයෙන් කටයුතු කිරීමේදී ව්‍යවසාය   ආයතන මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව Sysco Shop Mobile App හි සාර්ථක මුදාහැරීමේ වගකීම පැවරී ඇති රොබර්ට් විස්තරත්මකව පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ “මෙහෙයුම් පද්ධතිය (Operating System) බිද වැටීම ප්‍රධාන අභියෝගයක් සහ වගකිම්සහගත බවයි. විවිධ පදනම් අනුව නිෂ්පාදකයින්ගේ සංයෝගය, ආකෘති සහ තිර ප්‍රමාණයන් සහිත වැඩි දියුණු උපාංගයන්ද වෙනස් වේ. ආයතනයක් ලෙස අපේක්ෂා කරනුලබන භාවිත කිරීම් සඳහා අවධානය යොමුකරව යුතුව ඇත.’’

රොබර්ට් තවදුරටත් මෙසේද පැවසීය. “යෙදුම් නිර්මාතෘවරුන් වශයෙන් හැකි තාක් දුරට දත්ත ආරක්‍ෂා කිරීම අපගේ යුතුකමක් වේ. මා සිතන්නේ එය ජංගම දුරකථනයේ ඇති සුවිශේෂී තාක්‍ෂණික වාසියක් බවයි.”

සේවකයින් ස්වාධීන ලෙස කටයුතු කරගෙනයාම ගැන අවවාදකරමින් ඔහු පැවසුවේ,   “කණ්ඩායම් තුල සන්නිවේදනය කිරීමට, එයට දිරි දීම සහ එයට පහසුකම් සැලැස්වීම තවත් එක් විශාල අභියෝගයක් බවයි.”  

‘’කාර්යක්‍ෂම වීම ඉතා පැහැදිලි කාරණයක් වන අතර කුඩා කණ්ඩායම් සමඟ නිරන්තර සහයෝගීතාවයක් සහ සන්නිවේදනයක් පැවැත්වීම වඩාත් පහසු කටයුත්තකි. අපේ යෙදුම කුඩා අංශ වලට වෙන්කිරීමෙන් (Modularizing) අපට ආවේණික යම් පරිමාණයක හැකියාවක් ලබා ගත හැකි අතර යම් කාර්‍යයක් කරන විට හැකි තරම් ස්වාධීනව කණ්ඩායම්වලට වැඩ කිරීමට ඉඩ සලසයි.’’ Enterprise Mobile Architecture හි වැදගත් කම කෙසේද යන ගැටලුවට පිළිතුරු දෙමින් චක් පැවසුවේය.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...