34 C
Colombo
Monday, May 6, 2024

මැර පිරිසක් සේරුවිල විහාරය අල්ලගෙන – කොටපොළ අමරකිත්ති හිමි : එහෙම එකක් නැහැ – විහාරාධිපති අලුදෙණියේ සුබෝධි හිමි

- Advertisement -

කිසියම් මැර පිරිසක් විසින් බලහත්කාරයෙන් සේරුවිල මංගල රජ මහා විහාරයේ පාලනය අතට ගනිමින් කටයුතු කරන බවටත් ඔවුන් තමන්වහන්සේට සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට ඇතුළුවීමට පවා ඉඩ නොදෙන බවටත් මීට දින කිහිපයකට පෙර පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් මාධ්‍ය වෙත අදහස් පලකර තිබුණා.

උන්වහන්සේ පවසා සිටියේ සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ භාරකාරීත්වය නීත්‍යනුකූලව තමන් වහන්සේ වෙත පවරා ඇති නමුත් මෙම මැර පිරිස තමන් වහන්සේට භාරකාරත්වය දැරීමට ඉඩ නොදෙන බවයි.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් එල්ලකරන මෙම චෝදනාවට පිළිතුරු දෙමින් සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය දරන පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් පවසන්නේ කොටපොල අමරකිත්ති හිමියන් විසින් සිදුකරන එම ප්‍රකාශය අසත්‍ය බවයි.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් ‍සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට ලොල්වී සිටින බවත් ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ නාදුනන මැරයන් 40 දෙනෙකු සිටින බවටත් සිදුකරන ප්‍රකාශ තරයේ හෙළා දකින බව පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන්ට අධිකරණ ගණනාවක වාරණ නියෝග පවතින බවත් උන්වහන්සේගේ අභූත ප්‍රකාශවලට නොරැවටෙන ලෙසටත් බෞද්ධ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයේ සදහන්.

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව සිටි සේරුනුවර සරණකිත්ති හිමි අපවත්වීමෙන් පසුව එහි විහාරාධිපති ධූරය පිළිබදව 2016 වසරේදීත් ගැටළුවක් ඇතිවුණා.

ඒ සේරුනුවර සරණකිත්ති හිමි අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධූරයට පත්වූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන් හා පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් අතරයි.

එම කරුණ සම්බන්ධයෙන් මුතූර් අධිකරණයේ නඩුවක්ද පවතින අතර ඊට අනුව එම විහාරස්ථානයට ඇතුළුවීම වළක්වමින් පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් හට වාරණ නියෝගයක්ද පවතිනවා.

කෙසේ වෙතත් පසුගිය මැයි 11 වනදා සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන් අපවත්වූ අතර ඉන් අනතුරුව සේරුවිල නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වන පූජ්‍ය අලුදෙණියේ සුබෝධ හිමියන් නව විහාරාධිපති ලෙස මැයි 16 වනදා පත්කරගෙන තිබෙනවා.

ඉන් පසුව යළිත් ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට තවත් පිරිසක් සමඟ පැමිණ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව විවේචනය කළ තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ටිරාන්

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

වීසා ගැටලුවට අදහස් දැක්වූ තරුණයා ගුවන්තොටුපොළ පොලිසියට කැඳවලා

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...