28 C
Colombo
Sunday, May 5, 2024

ඊශ්‍රායලය වයස 12ට වැඩි සියල්ලට ෆයිසර් තෙවන මාත්‍රාවත් දෙයි

- Advertisement -

ඊශ්‍රායලයේ අවුරුදු 12න් ඉහළ වයස් කාණ්ඩවල පුද්ගලයන් හට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇති බව Aljazeera වාර්තා කරනවා.

මාස කිහිපයකට පෙර ලබාදී අවසන් කළ ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාවේ ඵලදායීතාව මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බැවිත් තෙවන මාත්‍රාවක්ද ලබාදීමට තීරණය කර ඇති බවයි එරට සෞඛ්‍ය සේවය වාර්තා කරන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය බුස්ස්ටර් මාත්‍රාව ලබා දෙන්නේ දෙවන මාත්‍රාවෙන් මාස 8කට පසු වුවද ඊශ්‍රායලය එම කාල පරතරය මාස 5ක් දක්වා පහත හෙළා තිබෙනවා.

මිලියන 9.3ක් වන ඊශ්‍රායල ජනතාවගෙන් මිලියන 2කටම මේ වන විටත් තෙවන මාත්‍රාව ලබා දී ඇති බවත් එය සාර්ථක ප්‍රතිඵල පෙන්වමින් ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසනවා.

ලෝක ජනගහණයෙන් බහුතරයක් පළමු මාත්‍රාව ලබාගන්නා තෙක් තෙවන මාත්‍රාව ලබා නොදෙන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ ප්‍රකාශද නොතකමින් ඊශ්‍රායලය මෙලෙස සාර්ථකව සිය ජනතාවට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම අරඹා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...