28 C
Colombo
Monday, May 6, 2024

මෙරට නායකයන්ගෙන් දිනේෂ්ට සුභපැතුම්

- Advertisement -

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් හට නන්දෙසින් සුභපැතුම් ගලා එනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාද ඔහුට සුභ පැතුම් එක් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් තැබීමට දිනේෂ් ගත් ප්‍රයත්නය අගයකරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

එමෙන්ම, ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්තට සමස්ත යුද හමුදාව මෙන්ම ත්‍රිවිධ හමුදාවේද සුභාශිංසන එක්කර සිටින බව යුද හමුදාපති ජෙනරල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මෙය මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබු සුවිශේෂීම ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකි බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මව්බිමටට කීර්තියක් අත්කර දීම වෙනුවෙන් ඔහුට සුබපැතුම් සමග උත්තමාචාරය පුද කරන බවයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...