31 C
Colombo
Wednesday, May 1, 2024

මිනුවන්ගොඩ පොකුර ඇති වුණේ කෙසේ දැයි CID වාර්තාව නීතිපතිට

- Advertisement -

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොවිඩ් පැමිණි ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ මූලික පරික්ෂණයේ වාර්තාව මේ වන විට නීතිපතිවරයාට භාරදී ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදීය.

මේ පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පුළුල් පරික්ෂණ වාර්තාව ලැබුණු පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමැතිවරිය පැවසීය.

කොවිඩ් වසංගතය මෙරට වාර්තා වීමෙන් පසුව රජයේ රෝහල් පද්ධතියට ප්‍රදානයන් ලෙස සහ රජය මිල දී ගත් පීසීආර් යන්ත්‍ර, වෙන්ටිලේටර් සහ දැඩි සත්කාර ඒකක ඇඳන් කොපමණ දැයි යන ප්‍රශ්නයටද විපක්ෂ නායකවරයා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විමසා තිබුණි. එයට පිළිතුරු දෙමින් ඇමතිවරිය පවසා සිටියේ රජයේ රෝහල්වල පීසීආර් යන්ත්‍ර 34 ක් සහ වෙන්ටිලේටර් 1020 ක් ඇතැයිද දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 704 ක් තිබෙන පැවසීය.

කොවිඩ් වසංගතයෙන් පසු පීසීආර් යන්ත්‍ර 25 ක්, ජංගම වෙන්ටිලේටර් 220 ක් සහ දැඩි සත්කාර ඒකක ඇඳන් 61 ක් රෝහල්වලට එකතු කළ බව කී ඇමැතිවරිය පළමු වටයේදීම කොවිඩ් එන්නත් ලක්ෂ 42 ක් ලැබීමට නියමිත බව ද ඒවා දැනට තුන්වැනි සායනික අවධියේ පවතින බවත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

අසාම් අමීන් බීබීසීයෙන් ඉවත් කිරීමට කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ...

යාපනයේ සිදු වූ බිහිසුණු අනතුර

කටුනායක ගුවන් තොටුපලේ සිට විදේශිය සංචාරකයින් පිරිසක් රැගෙන එමින් තිබූ වෑන් රථයක් යාපනයේ නුනාවිල් ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයක් පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. සිදුවු මෙම...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...