27 C
Colombo
Wednesday, May 8, 2024

විනාශ කළ නැගෙනහිර, තොප්පිගල බෞද්ධ නටඹුන් මතුවෙයි

- Advertisement -

නැගෙනහිර පළාතේ තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශයේ සිදු කරන පුරාවිද්‍යා ගවේෂණයක දී අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාර සංකීර්ණයක නටඹුන් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් විසින් මෙම ගවේෂණය සිදු කරනු ලබන්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ යුද හමුදාවේ අනුග්‍රහයෙන් වන අතර මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ , මෙම විහාර සංකීර්ණය ගවේෂණයේ දී සෙල්ලිපි දහසයක් සොයා ගත් බවයි .

කාවන්තිස්ස රජු විසින් කරන ලද ප්‍රදානයක් සඳහන් වන සෙල් ලිපියක් ද ඒ අතර වන බවත් මෙම විහාර සංකීර්ණයේ ගුහා විහාර,චෛත්‍යය ගොඩැලි , ඉපැරණි ගල් කැටයම් සහ විනාශ කර ඇති පිළිමවල නටඹුන් ද හමු වන බවත් මහාචාර්ය සෝමදේව මහතා පවසනවා.

මේ අනුව තොප්පිගල ප්‍රදේශය ලංකාවේ නැගෙනහිර පළාතේ ඉතාම පුරාණ ජනාවාස මැනවින් ව්‍යාප්තව තිබූ ප්‍රදේශයක් බව පැහැදිලි වන බවත් තොප්පිගල මහ වනාන්තරයේ නටඹුන් වී ගිය වැව් රාශියක් දක්නට ඇති බවත් ගවේෂණය තවදුරටත් ක්‍රියාත්මක බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...