27 C
Colombo
Friday, May 3, 2024

ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව දකුණු අප්‍රිකාවට ජය

- Advertisement -

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරඟය ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව ලකුණු 67කින් ජය ගනිමින් තරඟාවලිය 1-1ක් ලෙස සම කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට උදෑසන සිට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ආරම්භය පමා වූ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47 කට සීමා වූණා. කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකානු නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.

පළමු තරඟයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු නිත්‍ය නායක ටෙම්බා බවුමාට තරගාවලිය අහිමි වූ අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ කේෂව් මහරාජ්ටයි.

නියමිත පන්දුවාර 47 තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 283 ක් ලබා ගත්තා. ජනමන් මලාන් ලකුණු 121යි. එය ඔහුගේ තුන්වන එක්දින ශතකයයි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට පිටේ ස්ථාවර වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ලකුණු 19ක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් බිඳ වැටී තිබුණා.

ශ්‍රී ලංකා ඉනිමේ 25වන පන්දු වාරය අවසානයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව තරගයේ පන්දුවාර ගණන 41කට අඩු කෙරුණු අතර ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 265ක්.

ඒ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 114ක් ලබා සි⁣ටි ශ්‍රී ලංකාවට පන්දුවාර 16කදී ලකුණු 151ක් ලබා ගත යුතු වුණා. ඒ වනවිට දසුන් ශානක සහ චරිත් අසලංක කඩුල්ලේ රැඳී සිටියා.

කෙසේ වෙතත් දසුන් ලකුණු 30කටත් අසලංක ලකුණු 77කටත් දැවී ගියා. ඉන්පසුව පිටියේ ස්ථාවර වූ චාමික කරුණාරත්න ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් කෙමෙන් කෙමෙන් ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ගොඩ නැඟුවා. ලකුණු 33ක් ලබා සිටියදී ඔහු දවාගත් කේෂව් මහරාජ් ගේ තරගයේ ජයග්‍රහණය තමන්ගේ නමට ලියා ගත්තා. ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 36.4කදී ලකුණු 197කට දැවී ගියා. ටැබ්රේස් ශම්සි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත්තා.

ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව ලකුණු 67කින් තරගය ජයගනිමින් තරගාවලිය 1-1ලෙස සම කරගැනීමට සංචාරක දකුණු අප්‍රිකාව සමත් වුණා. ⁣තුන්වන සහ අවසන් තරගය ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

රට පුරා වෛරස් තත්ත්වයක්. නැවත මුඛ ආවරණ පලඳින ලෙසට උපදෙස්

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගය වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් වළකින ලෙසත් සමූහ...

මහවැලි ඉඩම්වල කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් කරන්න දෙන්නෙ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන්

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. රාජ්‍ය...

මොවුන් දුටුවොත් පොලිසියට කියන්න

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...