28 C
Colombo
Monday, May 6, 2024

රට වසා තිබියදීත් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති සංචාරකයන්ට ඕන තැනක යන්න අවසර

- Advertisement -

සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති සංචාරකයින්ට සහ නිරෝධායන කාලය සම්පූර්ණ කළ සංචාරකයන්ට ජෛව බුබුලෙන් ඉවත් වී දිවයිනේ සෙසු ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගිය සිකුරාදා (03) සියළුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, කලාපීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත මෙම තීරණය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අනිවාර්ය නිරෝධායන කාලය සම්පූර්ණ කළ හෝ එන්නත් ලබා ගත් සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සහ උපරිම ධාරිතාව යටතේ අවන්හල්, බාර්, කෝපි හල් සහ පොදු පහසුකම් සහිත හෝටල්වල පහසුකම් භුක්ති විඳිය හැකියි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මත්පැන් බලපත්‍ර ඇති සංචාරක ආයතනවලට සංචාරකයන් හට මත්පැන් පිරිනැමීමටද මෙමගින් අවසර ලබාදී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය චක්‍ර ලේඛනයෙහි සදහන් කරන්නේ අත්‍යාවශ්‍ය ආර්ථික අංශයක් වශයෙන් සංචාරක කටයුතු සංචරණ සීමා කිරීම් යටතේ උවද අඛණ්ඩව සිදු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...