25 C
Colombo
Thursday, May 9, 2024

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් වනජීවී නිලධාරීන්ට තර්ජන

- Advertisement -

පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මනම්පිටිය සිට යක්කුරේ දක්වා නීති විරෝධී ලෙස මාර්ගයක් ඉදිකිරීම සම්බන්දයෙන් හා වනජීවී රක්ෂිතය තුළ අනවසරයෙන් වගා කිරීම සම්බන්දයෙන් වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
පසුව එම ඉඩම් නැවතත් වනජීවී දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

වනජීවී රක්ෂිත තුළට ගවයන් ඇතුළු කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරන බැවින් ඒ පිළිබදව

පොළොන්නරුවෙ – ඕනෑගම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළට ගවයින් ඇතුළු කිරීමට කටයුතු කිරීමේදී ඊට වනජීවී නිලධාරීන් බාධා කිරීම පිළිබදව ඊයේ (26) වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සමඟ සාකච්ඡාවක් පවත්වූවා.
එහිදී ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරීමට අමාත්‍යවරයා අවසර ලබාදී තිබීම හේතුවෙන් එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් ඊට විරෝධය පළ කළා.
ඔවුන් එහිදී සදහන් කර ඇත්තේ රක්ෂිතය තුළට ගවයින් ඇතුළු කිරීම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට පටහැනි බවයි.
ඊට අමතරව පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මනම්පිටිය සිට යක්කුරේ දක්වා නීති විරෝධී ලෙස මාර්ගයක් ඉදිකිරීම සම්බන්දයෙන් හා වනජීවී රක්ෂිතය තුළ අනවසරයෙන් වගා කිරීම සම්බන්දයෙන්ද මෙහිදී කතාබහට ලක්ව තිබෙනවා.
එහිදී වනජීවී නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.
එහි දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...