27 C
Colombo
Monday, May 6, 2024

කොවිඩ් මර්දන කමිටුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉවත් වේ

- Advertisement -

විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ තාක්ෂණික කමිටුවෙන් ඉවත් වූ බව ඩේලි මිරර් වාර්තා කරනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද එම කමිටුවෙන්ම ඉල්ලා අස්වීමෙන් පසු ආචාර්ය ගුණරත්න මහතාගේ ඉල්ලා අස්වීම සිදු විය.

වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ නොතකා රජය ගත් තීරණවලට විරෝධය පළ කරමින් වෛද්‍ය විජේවික්‍රම ඉල්ලා අස් වූ බවයි වාර්තාවන්නේ.

මහනුවරට ස්පුට්නික්-වී එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා දීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 සිට 29 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයින්ට ෆයිසර් එන්නත් ලබා දීම වැනි තීරණ වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශයන්ට පිටින් සහ කමිටුවේ අනුදැනුමකින් තොරව ගත් බවයි ඩේලි මිරර් වාර්තා කරන්නේ.


RECENT ARTICLES - SINHALA

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව...

මීරිගම – කඩවත අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවලා

මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...