27 C
Colombo
Wednesday, May 8, 2024

වසර 8 කට පසුව ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

- Advertisement -

වසර 8කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා.

ඒ දෙරට අතර පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 78 කින් ජයගනිමින්.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරඟයේ කාසිය වාසිය දින දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9 ක් දැවී ලකුණු 203කට සීමා වුණා.

මෙම තරඟයේදීත් පිතිකරුවෙක් ලෙස සිය වගකීම මැනවින් ඉටු කළ චරිත් අසලංක ලකුණු 47ක් ලබා ගත්තා.

ධනංජය සිල්වා ලකුණු 31යි.

පන්දු යැවීමේදී කේශව් මහරාජ් ලකුණු 38ට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 29යි පන්දු 5කදී ලකුණු 125 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78කින් තරඟය ජයගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සිය මංගල තරගයට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 4 ක් දවා ගත්තා.

තමන් යැවූ පළමු පන්දුවෙන්ම ජනමන් මලාන් දවා ගත් තීක්ෂණ එවැනි දස්කමක් කළ සිව්වන ශ්‍රී ලාංකික පන්දුයවන්නා ලෙස වාර්තා පොත් අතරට එක් වුණා.

තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ තරඟ 2-1ක් ලෙසින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරඟාවලියක් ජයගත්තේ වසරකුත් මාස 7කට පසුවයි.

එමෙන්ම දකුණු අප්‍රිකාව⁣ට එරෙහිව තරඟාවලියක් ජයගත්තේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්.

දුෂ්මන්ත චමීර තරඟයේ වීරයා ලෙස සම්මාන ලබද්දී තරඟාවලියේ වීරයා ලෙස චරිත් අසලංක සම්මානයට පාත්‍රා වුණා.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...