32 C
Colombo
Sunday, May 5, 2024

අග්‍රාමාත්‍ය වෛද්‍ය උපදේශක ඒලියන්ත වයිට් හා ඔහුගේ පවුලේ සැමට කොවිඩ්

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වෛද්‍ය උපදේශක වෛද්‍ය එලියන්ත වයිට් මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මීට දින කිහිපයකට පෙර ඒලියන්ත වයිට් මහතා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒලියන්ත වයිට් මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තමන් හට කුණ්ඩලීනි ශක්තිය ඇති බවයි.

ඔහු ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සදහාද සම්බන්ධ වූ බවට මෑතකදී මාධ්‍ය වාර්තා කළා.

වරෙක මවුබිම පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඒලියන්ත වයිට් මහතා සදහන් කර තිබුණේ මාස එකහමාරක කාලයක් කොවිඩ් වෛරසයෙන් පීඩා විදි ගුවන් සේවිකාවක් තමන් කුණ්ඩලීනි ශක්තියෙන් සුවපත් කළ බවයි.

එමෙන්ම කොවිඩ් වෛරසය මෙරටින් තුරන් වීම සඳහා යැයි කියමින් ඇමතිවරුන් කිහිපදෙනෙකු යොදවා ගංඟා කිහිපයකට කළගෙඩි අතහැරීමේ කුප්‍රකට සිදුවීමේ නිර්මාතෘවරයාද වූයේ ඒලියන්ත වයිට් මහතායි.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...