33 C
Colombo
Sunday, May 5, 2024

බැසිල් රාජපක්ෂ මහාධිකරණයෙන් ඉල්ලීමක් කරයි

- Advertisement -

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත දැනුම්දී තිබේ.

එම චෝදනාවට සම්බන්ධ නඩුවෙන් විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන ලිඛිත දේශන මගින් මෙම ඉල්ලිම සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා එම ලිඛිත දේශනවලින් සඳහන් කර සිටින්නේ  මෙම නඩුවේ මුල් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කර තිබු දුෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල නමැත්තා විසින් බවය.

එහෙත් එම මුල් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පියවර ගෙන නොමැති හෙයින් එය විමර්ශනවලදී සිදූවු බරපතළ දෝෂයක් බවද එම ලිඛිත දේශනවල සඳහන්කර තිබේ.

මෙම නඩුවට පාදක වන දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර වශයෙන් මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ දිවිනැගුම ජාතික සභාවේ අනුමැතිය යටතේ බව පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා එබැවින් එය නීතියට පටහැනිව ක්‍රියාත්මක කළ වැඩසටහනක් නොවන බව පෙන්වා දෙයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ අධිකරණය වෙත පැවරී ඇති බලතල යටතේ විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස්කරන ලෙසද  රාජපක්ෂ මහතා සිය ලිඛිත දේශනවලින් අයැද සිටී.

මේ අතර විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණය මීට පෙර නියෝග කළේය.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...