29 C
Colombo
Saturday, May 4, 2024

ජනමාධ්‍යවේදීන් රැසක් තලේබාන් අත්අඩංගුවට

- Advertisement -

කාබුල් ඇතුළු ඇෆ්ගනිස්තානයේ නගර ගණනාවක පැවති තලේබාන් විරෝධී උද්ඝෝෂණ වාර්තා කිරීමේ නිරත වූ ජනමාධ්‍යවේදීන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට මාධ්‍ය සංවිධාන සදහන් කරන ආකාරයට අවම වශයෙන් ජනමාධ්‍යවේදීන් 14 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

සීපීජේ හෙවත් ජනමාධ්‍යවේදීන් සුරැකීම සදහා අන්තර්ජාතික කමිටුවට අනුව මෙම පිරිසෙන් ඇතැමුන් පසුව නිදහස් කර ඇතත් 06 දෙනෙකු පමණ පහරදීම්වලට ද ගොදුරු වී තිබේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ නිදහස් මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන බව පෙරදී ප්‍රකාශ කළත් මේ වනවිට එය දරුණු මාධ්‍ය මර්දනයක් කරා යොමුවෙමින් ඇති බව අන්තර්ජාතික මාධ්‍ය සංවිධානවල අදහසයි.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සදහා වන අන්තර්ජාතික කමිටුව තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ්ගෙන් විමසා ඇතත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිට තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...