32 C
Colombo
Wednesday, May 15, 2024

ආදායම ලක්ෂයට වැඩිනම් 5%ක් රජයට – බන්දුල

- Advertisement -

රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (12) රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින්.

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මෙම බද්ද අයකරගත යුතු බවයි ඔහු පවසන්නේ.

“අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ “සමාජ සංරක්ෂණ දායක මුදල” කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ. ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් ” යැයි මෙහිදී ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පොලිස්පතිට නියෝගයක් 

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා. පරිසර...

රුසියානු-යුක්‍රේන යුද්ධයේදී ලාංකික සෙබළුන් 16 ක් මිය ගිහින්

රුසියානු යුක්‍රේන යුද්ධයේදී ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 16 දෙනෙකු මියගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි...

දකුණු ආසියාවේ අලුත්ම නීති තියෙන්නේ ලංකාවෙ – ජනපති

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...