28 C
Colombo
Sunday, May 5, 2024

නිවැරදි නොකළොත් නඩු දානවා..! – පුෂ්පිකාගෙන් දිලිත්ට ලිපියක්

- Advertisement -

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමග වැලිකඩ බන්ධනාගාරය තුළට තමන් ගිය බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව 2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින වන පුෂ්පිකාද සිල්වා මහත්මිය පවසනවා.

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා සිටින්නේ සැප්තැම්බර් 14වනදා පුවත් විකාශයේදී තමන් එසේ බන්ධනාගාරය වෙත ගිය බවට හැඟවෙන ලෙස වාර්තා කිරීමක් සිදුකර ඇති බවයි.

එහිදී තමාගේ ඡායාරූපයක්ද බොඳ කර භාවිතා කරමින් “රාජ්‍ය අමාත්‍යවරයා සමඟ වැලිකඩ බන්ධනාගාරයට ගිය විවාහක රූ රැජිණ” යැයි එහිදී පැවසූ බවත් ඇය එම ලිපියෙන් පෙන්වා දෙනවා.

අදාල සිද්ධියට තමා කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් දෙරණ සියළුම පුවත් විකාශ (මධ්‍යහන 12, පස්වරු 6.55, පස්වරු 10) හරහා සහ ඩිජිටල් මාධ්‍ය හරහා මෙය නිවැරදි කළ යුතු බවත් නොඑසේ නම් දෙරණ නාලිකාවට එරෙහිව නඩු මාර්ගයෙන් කටයුතු කිරීමට නීතීඥවරුන් දැනුවත් කරන බවත් ඇය අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...