30.2 C
Colombo
Saturday, April 27, 2024

මන්ත්‍රීධුරය ගැන ධනාත්මකව හිතන්නෑ- බැසිල් කියයි

- Advertisement -

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනවාද නැද්ද කියා තීන්දුවක් ගෙන නොමැති නමුත්, ඒ ගැන ධනාත්මකව කල්පනා කරන්නට බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු ඒ බව කියා ඇත. පසුගිය කාලසීමාවේදී පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබා නොදුන් ඔහු, මෙවර තම අදහස ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඔහු මන්ත්‍රීධුරය බාරගැනීම ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය.

‘ඇත්තටම මම ඒ ගැන ධනාත්මකව හිතලා නෑ. ඔබ දන්නවා 2015 දී ජනතාව අපට තීන්දුවක් දුන්නා. ඒ ජනවරමට ඉඩ දීලා අපි ඉවත් වුණා. එතැනදී මම කල්පනා කළා ඉදිරි කාලය මගේ දරුවන් හා බිරිඳ සමග ඉන්න ඕනෑ කියලා. නමුත් ඒකට ඉඩ දුන්නේ නෑ. යම් යම් චෝදනා දාලා මාව කොටු කළා.

මම මුලින්ම ලංකාවට ආවා. එතැනදී මම කාරණා දෙකක් හිතුවා. එකක් මේ මර්දනය නීතිමය වශයෙන් පරාජය කරන්න සම්පූර්ණ ශක්තිය යොදවන්න ඕනෑ කියලා. දෙවැනි එක ඒ රටට හානි  හතුරු පාලනය දේශපාලනිකව පරාජය කරන්න ඕනෑ කියලා. මේ මර්දනය මට විතරක් නෙවෙයි. අපේ කඳවුරේ අතිමහත් පිරිසකට එල්ලවුණා.

ඒ එක්කම හිතපු දෙයක් තමයි මගේ කැමැත්තක් නැහැ ජාතික දේශපාලනයට එන්න. ඒ කාර්යභාරයට හොඳම අය ඇවිත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු පිරිස. ඒ අයට උදව්වක් කරගෙන ඉන්නවා මිසක් මෙතැනින් එහාට යන්න මගේ බලාපොරොත්තුවක් නෑ.

ආරාධනා මට බොහොමයක් තියෙනවා. මන්ත්‍රීවරුන් විතරක් නෙවෙයි, ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඉල්ලලා තියෙනවා. විවිධ ක්ෂේත්‍රවලින් ආරාධනා එනවා. නමුත් මම තවම ඒ ගැන තීන්දුවක් අරගෙන නෑ. ධනාත්මකව ඒ ගැන කල්පනා කරන්න බලාපොරොත්තුවක් ඇත්තේත් නැහැ.’

පසුගිය සතියේ ඉරිදා පුවත්පතකට සාකච්ඡාවක් දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ප්‍රකාශ කර තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව ප්‍රකාශ කළහොත් ඒ මොහොතේ ‘තමන්ටද තීන්දුවක් ගැනිමට’ සිදුවන බවය.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදියක් ගවයෙකුගේ ගැටී තරුණයෙක් මරුට

වැලිකන්ද, සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි...

මුහමාලෙයි පොළොවේ තිබී මිනිස් ඇටසැකිලි සහ නිල ඇඳුමක් හමු වෙයි

පලෙයි පොලිස් බලප්‍රදේශයේදී මුහමාලෙයි ප්‍රදේශයේ පොළව යට තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් සමඟ නිලඇඳුමක් හමුවී තිබෙනවා. මුහමලෙයි ප්‍රදේශයේ යුදසමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වන...

ලංකාවට එන්න අහපු ඇමරිකන් නැවක් ගැන රජයෙන් දැඩි තීරණයක්

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා. කිසිදු පර්යේෂණ...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...