33 C
Colombo
Saturday, May 4, 2024

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

- Advertisement -

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇති.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට තවත් පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

කොල්ලුපිටියේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් පරීක්ෂකවරයෙක් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...