34 C
Colombo
Wednesday, May 8, 2024

වෘත්තිකයන් රට හැර යෑම ආර්ථික වර්ධනයට ප්‍රධාන බාධාවක් – මහ බැංකුව

- Advertisement -

ජනගහනය වයස්ගත වීමත් සමඟඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

නව මහ බැංකු පනත අනුව ප්‍රථම වරට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ‘වාර්ෂික ආර්ථික විවරණය – 2023’ නම් වාර්තාවක මේ බව සඳහන්.

නව මහ බැංකු පනත අනුව ප්‍රථම වරට නිකුත් කළ 2023 වර්ෂයේ වාර්ෂික ආර්ථික විවරණය සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් 2023 වාර්තාව පසුගියදා (25) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

මේ වසරේ (2024) දී ආර්ථිකය 3% වර්ධනය වනු ඇති බවට එම වාර්තාව මගින් පුරෝකථනය කර තිබෙනවා.

එමෙන්ම, ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී අඛණ්ඩව සිදුවනු ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

මන්නා රමේෂ්ගේ නිවසට පොලීසියෙන් පනියි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක්...

ඩයනාගේ මන්ත්‍රී පුටුවට අස්වෙලා ගිය කෙනෙක්

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගයේ...

මැතිවරණ කොමිසමට දත් විතරක් නෙවෙයි හපන්නත් දෙන්න ඕනේ – මැතිවරණ කොමිසම

0
මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ සමයකදී මාධ්‍ය නියාමනය කිරීමේදී ඊට අදාළ නීති රීති පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමටද බලය තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...