28 C
Colombo
Saturday, May 4, 2024

ප්‍රහාරයක් පිළිබදව ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න – කතෝලික සභාව

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හා සමාන අන්තවාදි ප්‍රහාරයක් ඉදිරියේදි යළි එල්ලවෙතැයි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිදුකළ හෙළිදරව් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන්නැයි කතෝලික සභාව රජයෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ පිහිටි අගරදගුරු මැදුරේ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සදහන් කළා.

2021 සැප්තැම්බර් මස 13 වනදා හිරු නාලිකාවේ විකාශය වූ සලකුණ දේශපාලන වැඩසටහන එක්වු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරයට සමාන තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් පවතින බවත්, එම ප්‍රහාරය ඕනෑම අවස්ථාවක එල්ල විය හැකි බව හා ඒ සදහා අවි ආයුධ සුදානම් බවත්, එම ප්‍රහාරය සිදුකරන්නේ කවුද, එම කණ්ඩායම් මේ වන විට සිටින්නේ කොතැනද යන්න උන්වහන්සේ දන්නා බවත් ඒ පිළිබද ඔප්පු කළ හැකි බවත් ප්‍රකාශ කර තිබුණා.

එහිදි ඥානසාර හිමියන් වැඩිදුරටත් සදහන් කර තිබුණේ තමන් මේ පිළිබද ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...