27 C
Colombo
Thursday, May 2, 2024

මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේශන ප්‍රවර්ධනයට දුන් කෝටි 4 ක් වතුරේ – ජාතික විගණන කාර්යාලය

- Advertisement -

මන්නාරම් ද්‍රෝණියේ M2 බිම් කොටසේ ගවේෂණ කටයුතු හා ස්වාභාවික වායු වාණිජමය වශයෙන් නිපදවීම සඳහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 46.61ක් වැයකර තිබුණ ද එම අලෙවි ප්‍රවර්ධන කටයුතු අසාර්ථක වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වනවා.

මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සඳහා 2016 වර්ෂයේ දී ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම මගින් IHS ග්ලෝබල් සමාගම තෝරා ගෙන තිබුණා.

ඒ සඳහා 2016 වර්ෂයේ දෙසැම්බර් මස සිට 2018 වර්ෂයේ අගෝස්තු මස දක්වා අලෙවිකරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 300,000ක් හෙවත් රුපියල් මිලියන 46.61ක් වැය කර තිබුණ බව ද විගණන වාර්තාවේ සඳහන් වනවා.

කෙසේ වෙතත් එවන් විශාල මුදලක් වැයකලද එම අලෙවි ප්‍රවර්ධන කටයුතු අසාර්ථක වී ඇති බව විගණන වාර්තාවෙන් පෙන්වා දෙනවා.

මන්නාරම් ද්‍රෝණියේ ‘M2’ ගවේෂණ බිම් කොටසේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා 2007 වර්ෂයේ දී ජාත්‍යන්තර ලංසු කැඳවීම් වටයකින් පසු කෙයාර්න් ලංකා පුද්ගලික සමාගම තෝරාගෙන තිබූ අතර ඒ අනුව 2011 වර්ෂයේ දී සිදුකරනු ලැබූ කැණීම්වලින් ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති බව ද විගණන වාර්තාවේ සදහන් වනවා.

කෙසේ වුවද මෙම සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කටයුතු අතරමඟ නවතා 2015 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනිදා ගිවිසුම අවසන් කර තිබුණා.

එතැන් සිට වසර 04ක කාලයක් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කටයුතු කිසිදු ප්‍රගතියක් ලබාගෙන නොතිබූ අතර එය අතරමග නවතා දමා තිබූ බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

මෙම ආයෝජකයින් විසින් ගවේෂණ කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් නැවත නැවත ලංසු කැඳවීමේ වට ක්‍රියාත්මක කිරීමට සිදුවීම හේතුවෙන් අධික වශයෙන් අලෙවි ප්‍රවර්ධන වියදමක් දැරීමට සිදුවී තිබූ බව විගණන වාර්තාවෙන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...