33 C
Colombo
Monday, May 6, 2024

කිරිපිටි මිලත් ඉහළට ?

- Advertisement -

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා කිරිපිටි ආනයනකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 1 ක මිල රුපියල් 200 කින් ඉහළ නැංවීමට එකඟතාවයකට පැමිණ ඇති බව Daily mirror වාර්තා කරනවා.

ඊයේ පැවති එම සාකච්ඡාවේදී කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 කින් ඉහළ දැමිය යුතු බවටයි.

කෙසේ නමුත් ලෝක වෙළඳපොළ හා දේශීය වෙළෙඳපොළ තත්ත්වය හා ආනයන බදු සමඟ සමපාත වීම සඳහා අමාත්‍යවරයා සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු කිරිපිටි මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට ආනයනකරුවන් එකඟ වී ඇත.

ශ්‍රී ලංකවේ මාසික කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,000 ත් 7,000 ත් අතර වන අතර දෛනික පරිභෝජනය මෙට්‍රික් ටොන් 200 ක් පමණ වේ.

කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක වර්තමාන මිල රුපියල් 945 ක් වන අතර ග්‍රෑම් 400 රුපියල් 380 කට අලෙවි කෙරේ.

මිල ඉහළ දැමීම බලපැවැත්වෙන්නේ නම්, කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක නව මිල රු. 1,145 ක් වෙයි.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...