28 C
Colombo
Saturday, May 4, 2024

සුප්‍රසිද්ධ කූලී No 1 චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වෙයි

- Advertisement -

1995 වසරේදී ගෝවින්දා හා කරිෂ්මා කපූර් රංගනයෙන් දායකවූ කූලී No 1 චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.
ඩේවිඩ් දවාන් අධ්‍යක්ෂණය කල එම චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයේ අධ්‍යක්ෂකවරයාද වන්නේ ඔහුයි.
නව චිත්‍රපටයේ වරූන් ධවාන් හා සායිෆ් අලී ඛාන්ගේ දියණිය වන සාරා අලී ඛාන් ප්‍රධාන චරිතවලට පණ පොවනවා.

සුන්දර ගීත රැසකින් හෙබි කූලී NO 1 පළමු චිත්‍රපටය 90 දශකයේ ජනප්‍රියතම චිත්‍රපටයක් වුණා.
ඉන්දියානු රුපියල් කෝටි 36 ක වියදමින් එය නිපදවා තිබූ අතර බොක්ස් ඔෆීස් වාර්තා තබමින් එය ඉන්දියානු රුපියල් කෝටි 130 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 18 ක් උපයා ගැනීමට සමත් වුණා.
නව චිත්‍රපටය දෙසැම්බර් 25 වනදා එනම් මෙම නත්තල් දා තිරගතවීමට සියල්ල සූදනම් කර තිබෙනවා.
කෙසේ වෙතත් පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් එය චිත්‍රපට ශාලාවල තිරගත නොවන අතර Amazon Prime Video ලෙස අන්තර්ජාලයට නිකුත් කෙරෙනවා.
කූලී No 1 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්,

1995 වසරේ තිරගතවූ කූලී No 1 චිත්‍රපටයේ ජනප්‍රිය ගීත කිහිපයක් පහතින්,

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...