33 C
Colombo
Wednesday, May 1, 2024

හෙරොයින් නිසා සිරගතවූ ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංක නිදහස්

- Advertisement -

හෙරොයින් ග්‍රෑම් 2.7 ක් ළඟ තබා ගැනීම හේතුවෙන් සිරගත වූ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ශෙහාන් මධුශංක අද දින බිනර පොහොය නිමිත්තෙන් නිදහස් කොට ඇති බව වාර්තා වෙනවා.

පන්දු යවන්නන් අතරේ විශිෂ්ටයකු වූ ඔහු 2018 වර්ෂයේ දී පැවති තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා හොදම පන්දුයවන්නා ලෙස කුසලානයකටද හිමිකම් ලැබුවා.

2020 වර්ෂයේදී පන්නල පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පන්නල කූඩලු පොත්ත යන ප්‍රදේශයේ දී ඔහුට අයත් වාහනය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 2.7 ක් සොයා ගැනීමට පන්නල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්හට හැකි වුණා.

ඔහු කලක සිට හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු බවයි පසුව අනාවරණය වී තිබුණේ.

ඒ අනුව, ශෙහාන් මධුශංකට සියලුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනමක් පැණවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඒ ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි යන චෝදනාව මතයි.

RECENT ARTICLES - SINHALA

ඩිසල් මිල අඩු වුනාට බස් ගාස්තු අඩු කරන්න බැහැ-ගැමුණු

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. බස් ගාස්තු සංශෝධන සූත්‍රයට අනුව මෙම ඩීසල්...

1700ක වැටුපක් දෙන්න බැහැ – වතු හාම්පුතුන්ගේ සංගමය

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහළ පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය...

අනුරගේ ගෝලයෝ මැයි දිනේට ටිකට් බෙදලා සල්ලි අරන් – තුෂාර ඉඳුනිල්

ජාතික ජන බලවේගය විසින් මැයි දින සැමරුම සඳහා ආධාර පත්‍රයක් නිකුත් කර ඇති බවට  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. සමගි ජන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...