31 C
Colombo
Wednesday, May 1, 2024

කොවිඩ් මරණවලින් 44ක් මියගොස් ඇත්තේ නිවෙස්වලදී හා රෝහල් වෙත ඇතුළත් කිරීමේදි

- Advertisement -

කොවිඩ් 19 ආසාදිතව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම මිය ගිය පුද්ගලයන් අතරින් පුද්ගලයන් 44 ක් නිවෙස්වලදී හා රෝහල් වෙත ඇතුළත් කිරීමේදී සිදු වූ මරණ වන අතර 64 දෙනකු මිය ගොස් ඇත්තේ රෝහල්වල සහ එක් අයෙකු මාර්ගයක මියගොස් සිටි අයෙකි.

තවද වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඔ දිස්ත්‍රික්කය. ඒ් 81 ක්ය. ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 13 ක්, කළුතරින් 06ක්, කුරුණෑගලින් 04ක්, පුත්තලමෙන් 03ක්, නුවරඑළියෙන් එක් මරණයක් සහ හඳුනානොගත් එක් මරණයකුත් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්ය.

මියගිය පුද්ගලයන් අතරින් තිදෙනෙකු වයස අවුරුදු 10 ත් 30 ත් අතර වයස්වල පසුවන අතර සිව්දෙනෙකු 31 ත් 40 ත් අතර වයස්වල පසුවිය. වයස අවුරුදු 41 ත් 50 ත් අතර වයස් සීමාවේ පසුවන 16 ක් , වයස 51 ත් 60 ත් අතර 21 ක් , වයස 61 ත් 70 ත් අතර යන වයස්වල 20 දෙනකුද මිය ගිය අය අතර වේ. සමස්ත කොවිඩ් මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ අවුරුදු 71 ට වඩා වැඩි වයස් කාණ්ඩයෙන්ට අයත් පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 45 කි.

RECENT ARTICLES - SINHALA

සිරිසේනගේ රට රකින ජන පවුර ගම්පහ දී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

අසාම් අමීන් බීබීසීයෙන් ඉවත් කිරීමට කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...