27 C
Colombo
Thursday, May 2, 2024

වැඩිය කතා කළොත් හිට්ලර්ගෙ රෙදි ගැලවෙයි (VIDEO)

- Advertisement -

පාදුක්ක කොට්ඨාසය පොලිස් ස්ථානාධිපතිවරයෙකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අතර ඇතිවී ඇති මතභේදාත්මක තත්ත්වය මේ වන විට වඩාත් උණුසුම් වී තිබෙනවා.

අදාළ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගාමිණි ලොකුගේ සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන් දේශපාලන බලපෑම් කළ බවට ඉකුත් 17 වනදා ජගත් කුමාර මන්ත්‍රීවරයා මුල්වරට චෝදනා කළා.

අනතුරුව එම චෝදනාවට ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා පිළිතුරු දුන් අතර ඊයේ (19) ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියා සිටියේ අදාළ ස්ථාන මාරු කිරීම සිදුකරන ලද්දේ කාන්තා පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාවකින් තොරව කාන්තාවන් දෙදෙනෙකු පොලිස් ස්ථානයේ රදවා ගැනීම ඇතුළු කරුණු කිහිපයකට අදාළව පොලිස්පතිවරයා විසින් බවයි.

කෙසේ වෙතත් එම ස්ථාන මාරු කිරීමෙන් පසු ජගත් කුමාර මන්ත්‍රීවරයා තමන් අමතා ඔහුට හිතවත් තැනැත්තෙකු ස්ථානාධිපතිවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලා සිටි බවත් එබැවින් ඔහුට විරුද්ධ විනය පියවර ගන්නා ලෙස තමන් පක්ෂයෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් අමාත්‍යවරයා පැවසුවා.

සරත් වීරසේකර අමාත්‍යවරයා කළ මෙම ප්‍රකාශයට පිළිතුරු දීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබු අතර එහිදී ඔහු නැවතත් සරත් වීරසේකර අමාත්‍යවරයාගේ සහ ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් දැඩිව විවේචනය කළා.

එහිදි ඔහු කියා සිටියේ ගුරු විදුහල්පති වර්ජනය මෙපමණ දුර යාමට මුල්වූයේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් නිරෝධායන මුවාවෙන් ගුරුවරුන් සහ භික්ෂුන් වහන්සේ හතර ගාතෙන් ඇදන් ‍යාම නිසා බවයි.

උද්ඝෝෂණ පවත්වන මිනිස්සුන් ත්‍රස්තවාදින් ලෙස හදුන්වන, ඇත්ත කියන මිනිස්සුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා කට වහන්න උත්සාහ කරන වීරසේකර අමාත්‍යවරයා හිට්ලර් කෙනෙක්වීමට උත්සහා දරන බවත් මෙහිදි ජගත් කුමාර මන්ත්‍රීවරයා චෝදනා කර සිටියා.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සරත් වීරසේකර අමාත්‍යවරයාට අවශ්‍ය ලෙස විනය පියවර ගැනීම් සිදු නොවන අතර පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ නැති අවස්ථාවක පක්ෂයේ ප්‍රධාන බලවතා වන කවුරුත් දන්නා තැනැත්තා තමන්ට එරෙහිව විනය පියවරක් නොගන්නා බව සහතික කළ බවයි.

එසේම මෙහිදි පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ක්‍රියාකලාපයද විවේචනය කළ මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍යවරයෙකු විවේචනය කළ පමණින් විනය පියවරක් ගන්නේ නම් පළමුව විනය පියවර ගත යුත්තේ බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතාට එරෙහිව මාධ්‍ය සන්දර්ශන පැවැත්වූ පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිවම බවයි.

එබැවින් තමන් වැඩියෙන් එතුමන්ලාගේ රෙදි ගැලවිය හැකි බවත් මෙහිදි ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...