32 C
Colombo
Saturday, May 4, 2024

ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියට පහර දුන්නේ ඖෂධ මාෆියාවද?

- Advertisement -

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන්වීම හරහා මෙරට මහජන ආරක්ෂාව බරපතල අවදානමකට ලක්ව ඇති බව සමගි ජනබලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2)යටතේ ප්‍රශ්න මතු කරමින්.

රටේ අලෙවිය සඳහා ඇති ඖෂධ නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කරමින්, මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතළ තත්වයක් නිර්මාණය කර ඇති බවයි විපක්ෂනායකවරයා පවසන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාවද දැඩි අවදානමකට ලක් කර ඇති බවත් විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම, ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම, එන්නත් සහ ඖෂධ ආනයනය සම්බන්ධ විවිධ විවේචන සහ ආන්දෝලනයන් ඇති වූ මෙම කාලවකවානුව තුළම මෙවන් සිදුවීමක් ඇති වීම විශාල සැකයකට තුඩු දෙන කාරණයක් බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇතිවූ ඉච්ඡාභංගත්වය සහ අසීමිත මූල්‍ය වාසි නොලැබීම හේතුවෙන් ඇති වූ ද්වේෂය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකි බවයි.

මෙය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන විමර්ශන මගින් අණාවරනය කෙරෙමින් පවතින බවත් ඔහු පවසනවා.

මෙම දත්ත පද්දතියෙන් ගොණු 5,925ක් මැකිගොස් තිබෙන බවත් එයින් 3,137ක්(53%ක්) සාමාන්‍ය ඔසුසැල්, ෆාමසි රෙජිස්ටර් කිරීම අදාලව සහ ඒවා නැවත ලියාපදිංචි කිරීමට අදාල ලිපි ගොනු බවත් එහිදී පේටන් අයිතිය සහිත නව රසායනික ද්‍රව්‍ය(New chemical entity) වලට අදාල ලිපිගොනු කිසිවක් මැකිගොස් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...