33 C
Colombo
Sunday, May 5, 2024

15 හැවිරිදි දැරියක් මාස 9 ක් සමූහ දූෂණය කළැයි 28 දෙනෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවට

- Advertisement -

වයස අවුරුදු 15 ක දැරියක් මාස 9 ක් පුරාවට නැවත නැවතත් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ බලධාරීන් පරීක්ෂණ පවත්වන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ජනවාරි මාසයේ සිට සිදුවූ බව කියන මෙම සමූහ දූෂණය සම්බන්ධයෙන් මුම්බායි නගරයේ පුද්ගලයින් 28 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සමූහ දූෂණය ආරම්භ වී ඇත්තේ එම 15 හැවිරිදි තරුණියගේ පෙම්වතා විසින් ඇයව දූෂණය කර එම සිදුවීම රූගත කළ සිදුවීමකින් පසුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුව ඔහු සහ ඔහුගේ මිතුරන් එම පටිගත කළ දර්ශන භාවිතා කර ඇයට තර්ජනය කරමින් බලහත්කාරයෙන් ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා ඇති බවයි.

ඒ අනුව අදාළ දර්ශන ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර මුම්බායි හි තදාසන්න ප්‍රදේශ වන දොම්බිවිලි, බද්ලාපූර්, මුර්බාද් සහ රබාලේ යන ප්‍රදේශවලදී වරින් වර මාස 09 ක් පුරාවටම ඇයව සමූහ දූෂණයට ලක්කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය බදාදා ඇය මෙම අපචාරය පිළිබදව පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.

NDTV පුවත් සේවය වාර්තා කරන්නේ දූෂකයින් 33 දෙනෙකුගේ නම් ඇය පැමිණිල්ලේ සදහන් කර ඇති බවත් ඔවුන් සියලු දෙනාම තමන්ට හදුනාගත හැකි බවත්ය.

ඉන්දියාවේ තරුණියන් සම්බන්ධයෙන් සිදුවන සමූහ දූෂණ සිදුවීම් සුළභව වාර්තා වනවාත

2012 වසරේදී නිර්භයා ලෙසින් හැඳින්වූ තරුණියක් සමූහ දූෂණයට ලක්කිරීමේ කුප්‍රකට සිදුවීම නිසා එරට සමූහ දූෂණ සම්බන්ධ සිදුවීම් පිළිබදව දැඩි කතාබහකට ලක්වූ අතර එය අන්තර්ජාතික වශයෙන්ද ඉන්දියාවට එල්ල වූ කළු පැල්ලමක් වූවා.

එම සිදුවීමෙන් පසුව ලිංගික අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාව නවනීති හදුන්වා දුන්නද සමූහ දූෂණ සහ ස්ත්‍රී දූෂණ මේ වන විටත් අඩුවකින් තොරව ඉන්දියාවෙන් වාර්තා වනවා.

2020 වසරේදී ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය විසින් එරට ස්ත්‍රී දූෂණ 28,046 ක් වාර්තා කළ අතර එය දිනකට ස්ත්‍රී දූෂණ 77 ක් බවට ගණන් බලා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියානු සමාජය තුළ කාන්තාවන් බොහෝමයක් විවිධ පෞද්ගලික හා සමාජ කාරණා නිසා තමන්ට එරෙහිව සිදුවන කායික අපරාධ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට නොපැමිණෙන ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව සත්‍ය සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බවට එරට කාන්තා සංවිධාන පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...