28 C
Colombo
Sunday, May 5, 2024

බලශක්ති පරිභෝජන ඉලක්ක සම්පූර්ණ නොකළ චීන සමාගම්වලට තහනමක්

- Advertisement -

බලශක්ති පරිභෝජන ඉලක්ක සම්පූර්ණ නොකළ සමාගම් 160 ක් පමණ තාවකාලිකව වසා දැමීමට චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

ප්‍රාන්තයේ රෙදිපිළි, රසායන ද්‍රව්‍ය වැනි නිෂ්පාදන කර්මාන්තශාලා රැසක් මෙම තාවකාලික තහනම හේතුවෙන් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබන් විමෝචනය අවම කිරීමේ අරමුණින් දැනට පවතින බලශක්ති පරිභෝජනය 2025 වනවිට 5%කින් අවම කිරීමට චීන මධ්‍යම රජය ප්‍රාන්තවලට උපදෙස් නිකුත් කර තිබේ.

ඒ අනුව ඒ ඒ ප්‍රාන්ත බලධාරීන් ද නිෂ්පාදන සමාගම් වෙත බලශක්ති භාවිතය අවම කිරීමේ ඉලක්ක ලබාදී ඇති බව සදහන් වේ.

එම ඉලක්ක සපුරාගත නොහැකි වූ සමාගම් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බව චීන වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේවෙතත් මෙම තත්වය චීනයේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනය අඩාලවීමට බලපානු ඇති බවට ද වාර්තා පළවී තිබේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...